Featured Post

Ascii Code

මෙහි A අකුර සදහා දහයේ පාදයේ අගය 65 ද a සදහා දහයේ පාදයේ අගය 97 දවේ අනෙක් අක්ෂර අනුපිළිවෙලකට කියවයි.

සංඛ්‍යා පද්ධති (Number System)

   Decimal Number System (දශමය/දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
    Binary Number System (ද්විමය/දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
    Octal Number System (අෂ්ටමය/අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
    Hexa-Decimal Number System (දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)


Decimal Number System

අපි එදිනෙදා පාවිච්චි කරන්නෙ මේ දශමය, එහෙමත් නැත්නම් දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය.

    දශමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා පාදය වෙන්නෙ 10. සාමාන්‍යයෙන් සංඛ්‍යාවක පාදය ඒ සංඛ්‍යාව යටින් ලියන්න ඕනා. ඒත් භාවිතයේ පහසුවට දශමය සංඛ්‍යා පද්ධතියෙදි ඒක යටින් ලියන්නෙ නෑ.
    දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 10 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9)
    සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 9.
    සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහයේ බල වලින්.

Binary Number System

පරිගණක හැමදේම කරන්නෙ මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය ආධාරයෙන්. පරිගණක දන්නෙ මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය විතරයි.

    ද්විමය සංඛ්‍යා පද්ධතියේ පාදය වෙන්නෙ 2. ඒක අනිවාර්යයෙන් ද්විමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන.
    ද්විමය සංඛ්‍යා පද්ධතියට තියෙන්නෙ ඉලක්කම් 2 යි. (0,1)
    සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 1.
    සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දෙකේ බල වලින්.

Octal Number System
 අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය.

    මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 8. ඒක අනිවාර්යයෙන් අෂ්ටමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. උඩ දාල තියෙන උදාහරණය බලන්න.
    දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 8 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7)
    සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 7.
    සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ අටේ බල වලින්. 


Hexa-Decimal Number System

මේ සංඛ්‍යා පද්ධතිය කලින් කියපු 3 ටම වඩා වෙනස්. පරිගණක ග්‍රැෆික් නිර්මාණ තාක්ෂණයෙදි වර්ණ හඳුන්වන්න මේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරනවා. මේ දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියෙදි ඉලක්කම් 10ට වඩා තියෙන නිසා අගයන් ලියද්දි ඉංග්‍රීසි අකුරුත් පාවිච්චි කරනවා.

    මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 16. ඒක අනිවාර්යයෙන් දහසයේ පාදයේ සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන.
    දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 15 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9,A,B,C,D,E,F)ඉංග්‍රීසි අකුරු වලින් කියවෙන ඉලක්කම් පහළ තියෙන අගයන් වලට සමාන වෙනවා.

        A = 10

        B = 11

        C = 12

        D = 13

        E = 14

        F = 15

    සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය F (15).
    සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහසයේ බල වලින්වේ.

පරිගණකය මෙම අක්ෂර තේරුම් ගැනීම සිදුකරන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවලිනි .

  • කිසියම් සංඛ්‍යාවක වම් කෙලවරේ ශුන්‍යය නොවන අගය 
    • වැඩිම වෙහෙසි සංඛ්‍යාව (MSD) ලෙසද 
  • දකුණු කෙලවරේ අගය 
    • අඩුම වෙහෙසි සංඛ්‍යාව (LSD)ලෙසද හැදින්වේ.
උදා:- 678.541
  •  මෙහි MSD එක වන්නේ 6 වේ. LSD වන්නේ 1 වේ.


දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට‍ හැරවීම 

  •  8 දශමය සංඛ්‍යාව ද්විමය සංඛ්‍යා බවට‍ හැරවීමේ දී ලබ්ධිය 0 වන තෙක් දිගතම මෙම සංඛ්‍යාව බෙදන්න. ශේෂය අගසිට මුලට ලියන්න.
 ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට හැරවීම 
  • මෙය දෙකේ පාදයේ සංඛ්‍යාව දහයේ බලවලින් ගුණ කර එහි සංඛ්‍යාවල එකතුව ගනු ලැබේ.
 දහයේ පාදයේ සංඛ්‍යා අටේ පාදයට හැරවීම

    අශ්ටමය සංඛ්‍යා දෙකේ පාදයට හැරවීම
    • අටේ පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හැරවීමේ දී එහි එක් සංඛ්‍යාවක් දෙකේ පාදයේ සංඛ්‍යා 3කින් පෙන්වයි.

    -
    දෙකේ පාදයේ සංඛ්‍යා අටේ පාදයට හැරවීම
    • එහිදී දෙකේ පාදයේ සංඛ්‍යාව සංඛ්‍යා 3 කාණ්ඩ වලට කඩා එහි සංඛ්‍යා 3කින් අටේ පාදයේ එක් සංඛ්‍යාවක් පෙන්වයි.
    දෙකේ පාදයේ සංඛ්‍යා 16 පාදයට හැරවීම
    • එහිදී දෙකේ පාදයේ සංඛ්‍යාව සංඛ්‍යා 4 කාණ්ඩ වලට කඩා එහි සංඛ්‍යා 4 කින් 16  පාදයේ එක් සංඛ්‍යාවක් පෙන්වයි.
     16 පාදයේ  සංඛ්‍යාවක් දහයේ පාදයට හැරවීම.
    •  4A3B 16 පාදයේ සංඛ්‍යාව 10 පාදයට හැරවීම.
      4A3B16 = 4096×4+256×10+16×3+1×11
        16384+2560+48+11
           1900310
            දශම සංඛ්‍යා පරිවර්තනය කිරීම
              248.12510 යන සංඛ්‍යාව දෙකේ පාදයට හැරවීම.
                • 26.702 යන 10 පාදයේ සංඛ්‍යාව 8 පාදයේ සංඛ්‍යාවක් බවට හැරවීම.

                  •  1C.B716 යන 16 පාදයේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාවක් බවට හැරවීම.
                   
                   

                  Related Posts

                  Post a Comment