දත්ත කාර්යක්ෂම ලෙස හා ඵලදායීලෙස කළමනාකරණය කිරීම සදහා
දත්ත පාදක පද්ධතීන් සැලසුම් කිරීම.
Data base (දත්ත පාදක)
එකිනෙකට අන්තර් සම්බන්ධතාවයක් සහිත දත්ත වල එකතුවත්
දත්ත පාදකයක් ලෙස හැදින්වේ.(A data base is a collection of related data)
උදා:-
පාරිභෝගිකයින්ගේ ලයිස්තුවක්.
දුරකථන නාමාවලියක්.
ශිෂ්‍යය තොරතුරු ලයිස්තුවක්.
Data base System(දත්ත පාදක කළමනාකරණ පද්ධති)
ආයතන නම දත්ත අවශ්‍යතාව සදහා එක්රැස්කරගන්නා වූ දත්ත විවිධ අවශ්‍යතාවන්ට අනුව කළමනාකරණය කිරීම සදහා දත්ත පාදක කළමනාකරණ පද්ධති මෘදුකාංග (Data base managment software) යොදාගනු ලැබේ.
DBMS සදහා උදාහරණ.
1.Access.
2.Mysql
3.Oracle
4.SQL
ඉහත ආකාරයට දත්ත පාදක සහ ඒවා කළමනාකරණ මෘදුකාංග වල එකතුව දත්ත පාදක පද්ධති ලෙස හදුන්වයි.
Data base system= Database + data base managemant system
විවිධ වර්ගයේ දත්ත පාදක පද්ධතීන්
1.ඒක ගොණු පද්ධතිය. (Flat file system)
2.ධූරාවලි ආකෘතිය. (Hierrchical)
3.ජාල ආකෘතිය. (Net work model)
4.සම්බන්ධක ආකෘතිය. ( Relational model)
5.වස්තු සම්බන්ධතා ආකෘතිය.(object rilational)
ඒක ගොණු පද්ධතිය. (Flat file system)
මෙම දත්ත පාදක ආකෘතිය තුළ සියලුම වර්ගවල දත්ත එක් ගොනුවක් තුළ අන්තර් ගතකොට තබාගනී. මෙමෙ ආකෘතියේ ඇති ප්‍රධාන දුර්වල තාවය නම්.
1. දත්ත ඇතුලත් කිරීමට වැඩිකාලයක් ගතවීම.
2. එකම දත්ත නැවත නැවත ලියවීම.(දත්ත සමතිරික්ත තාවය)
1960 දශකයේ මද භාගයේ දී භාවිතා කිරීමට ආරම්භකළ මෙම දත්ත ගොනු ආකෘතීන් මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යය දත්ත රදවා ගැනීමට සදහාද භාවිතා කරනු ලැබේ.
ඒක ගොණු පද්ධති වල අවාසි
1.දත්ත සමතිරික්තතාව.
2. දත්ත අතර ඇති සංගතතාවය නොමැතිවීම.
3. දත්ත වලට ප්‍රවේශ වීමේදී අනුක්ක්‍රමික ප්‍රවේශයක් පමණක් භාවිතාකළ හැකිය.
4. මෙම දත්ත ගොණුවල ආරක්ෂාව අවමවේ.
5. දත්ත පාදක සැලසුම් කිරීම සදහා විධිමත් භාෂාවක් භාවිතා නොකරයි.
ධූරාවලි ආකෘතිය. (Hierrchical)
දත්ත පාදක නිර්මාණය කිරීමේ ධූරාවලි ආකෘතිය තුළ ඉහල සිට පහලට ගලා යන ආකාරයේ දත්ත පාදක වගු නිර්මාණය කරනු ලැබේ.
ගසක අතු බෙදී යන ආකාරයට සංවිධානය වී ඇති දත්ත පාදක ව්‍යූහය මගින් දත්ත පාදක කළමනාකරණයේ දී පහත ආකාරයට වාසි , අවාසි හදුනා ගත හැකිය.
වාසි
1.වඩාත් සරලව දත්ත පාදක නිර්මාණය කරහැකිය.
2.දත්ත අතර අන්තර් සම්බන්ධතාවයක් ඇත.
3.අදාල දත්ත ස්වායක්තව ක්‍රියාත්මක වේ.
4.ආරක්ෂකව ක්‍රමවේදයන් විදිමත්වීම. (දත්ත පාදකයේ)
අවාසි
1.ගොඩනැගීම සංකීර්ණ වීම.
2.පරිශීලකයන්ට අදාල දත්ත හැසිරවීම සංකීර්ණබවක් ගනී.
3.අදාළ ව්‍යුහය සදහා සම්මත ආකෘතීන් නොමැති වීම.
4.සීමාවන් පැවතිය හැකි වීම.
ජාල ආකෘතිය (Net work model)
මෙම ආකෘතිය තුළ ජාලයක් ලෙස එක් එක් දත්ත පාදක වගු අතර අන්තර් සම්බන්ධතාවයක් දක්නට ලැබේ. එම සියලුම දත්ත පාදකයන් හැසිරවීම සදහා ප්‍රධාන දත්ත පාදකයක් පැවතීමට හැකිය.
සම්බන්ධක දත්ත පාදක ආකෘතිය.( Relational model)
වර්ථමානයේ බහුලව භාවිතා කරන දත්ත පාදක ආකෘතියක් වන සම්බන්ධක දත්ත පාදක ආකෘතියේ ප්‍රධානතම ඒකකය ලෙස සම්බන්ධක (වගු) හැදින්වේ. දත්ත පාදකයක් තුළ මෙවැනි වගු රාශියක් තිබිය හැකි අතර ඒවායේ එන්ටර් සම්බන්ධතාවය දක්නට ලැබේ.
එක් වගුවක් (Rilation) සැලකුවිට එහි ප්‍රධාන කොටස් දෙකක් අන්තර්ගත වේ.
1.පේළි (Recorde)
2.තීරු (Field/Attribute)
පේළියක් සෑදී ඇත්තේ තීර රාශියක් එකතුවකිනි ,තිරයක් ගුණාංගයක් ලෙස හැදින්වේ (attribute).
ඉහත ආකාරයට ලක්ෂණ සහිත නිර්මාණය කරගන්නා ලද Relation කිහිපයක එකතුවක් (Relation data base) සම්බන්දක දත්ත පාදක ආකෘතියක් ලෙස හැදින්වේ.
ඉහත වගු අතර එන්ටර් සම්බන්ධතාවය ගොඩනැගීම සදහා යතුරු ක්ෂේත්‍රයක් ලෙස (Key Field) S.T.no භාවිතා කරයි. මේ අනුව වගු අතර අන්තර් සම්බන්ධතාව ගොඩනගා ගනී. මෙවැනි දත්ත පාදක ආකෘතියක් සම්බන්ධක දත්ත පාදක ආකෘතියක් ලෙස හැදින්වේ.
වස්තු සම්බන්ධතා ආකෘතිය. (object rilational)
විස්තෘත සම්බන්ධක ආකෘතිය ලෙස හදුන්වන මෙම ආකෘතිය සාමාන්‍යය සම්බන්ධක ආකෘතියට බොහෝ සෙයින් සමාන වන අතර දත්ත සමුදාය කළමනාකරණයේ දී Python,java,C වැනි නැබුරු භාෂාවන් වල දත්ත පාදකයන් නිර්මාණය කිරීම සදහා මෙම ආකෘතිය නිර්මාණය කරනු ලැබේ. වර්තමානයේදී බොහෝ පරිගණක අතර නිර්මාණය කරණුයේ Computer Alted dising (CAD) භූගෝලීය තොරතුරු පද්ධති ආදියේදී දත්ත කළමනාකරණයට මෙම වස්තු සම්බන්ධතා ආකෘතිය යොරාගනී.
දත්ත පාදක පද්ධතිය හා ගොණු ආකෘතිය අතර ඇති වෙනස්කම්.
එකම දත්ත නැවත නැවත ලියවීම දක්නට ලැබේ. |
දත්ත නැවත නැවත පිටපත් වීම අවම වේ . |
දත්ත වල නිවැරදි තාවය පිළිබද ගැටළු පවතී. |
දත්ත වල නිවැරදි තාවය ඉහල අගයක් ගනී. |
සංගත භාවයක් නොපවතී. (වගු අතර) |
දත්ත වල සංගත භාවයක් පවතී. |
නිර්නාමිකව නිශ්චිත භාෂාවක් භාවිතා නොකරයි. |
නිශ්චිත භාෂාවක් යොදාගනී. (Oracel,sql) |
දත්ත ගබඩා කිරීමට වැඩි කාලයක් ගනී. |
දත්ත ගබඩා කිරීමට කාලය ගතවීම අවමවීම. |
දත්ත ගබඩා කිරීම සදහා විශේෂිත දැනුමක් අවශ්‍යයවීම |
විශේෂ දැනුමක් අවශ්‍යය නොවීම. |
ප්‍රමාණවත් ආරක්‍ෂිත ක්‍රමයන් සීමිත බව. |
ආරක්‍ෂිත ක්‍රමවේදයන් වැඩිවීම. |
සම්බන්ධිත දත්ත පාදක ආකෘතියක මූලිකාංග. (Main components the relational data base modle.)
සම්බන්ධිත දත්ත පාදක ආකෘතියක ප්‍රධානතම උපාංගය Relation (වගු) ලෙස හදුන්වයි. data base එකක් යනු අන්තර් සම්බන්ධතාවයක් සහිත වගුවල එකතුවකි.
දත්ත පාදකයක මෙම දත්ත ගබඩා කරන Table එකක් තීරු සහ පේළි වලින් සමන්විත වන අතර එහි අන්තර්ගත කොටස් පහත ආකාරයට නම්කරනු ලැබේ.
ඉහත ආකාරයේ Entity (භූතාර්ත) ,table සමුහයක් එකිනෙක අන්තර් සම්බන්ධතාවයක් සහිතව නිර්මාණයක් කිරීමෙන් සම්බන්ධිත දත්ත පාදකයක් නිර්මාණය වේ.
දත්ත පාදකයක් නිර්මාණය කිරීම පිළිබධ ANSI-SPARC ආකෘතිය.
(ස්ථර 3ක ආකෘතියකි)
දත්ත පාදකයක් නිර්මාණය කිරීම සදහා ඇමරිකානු ජාත්‍යන්තර ප්‍රමිතිආයතණයේ පරිමානක සැකසුම් හා අවශ්‍යයතා කමිටු නිර්මිතය හදුන්වා දෙන ලදී.
ANSI-SPARC
Amarican National Standeds Institute, Standards Planining and requirements.
1975 දී ඇමරිකානු ප්‍රමිති ආයතනය හදුන්වාදුන් මෙම වියුක්ත ආකෘතියට අනුව දත්ත පාදකයක් ප්‍රධාන මට්ටම් 3 කින් සමන්විත යුතු බව තීරණය කරනු ලබයි. ඒ අනුව පසු කාලීනව සියළුම දත්ත පාදක නිර්මාණය විය.
1.බාහිර මට්ටම (External level/schema)(මනෝරටාව)
2.සංකල්පීය මට්ටම (Coneptual or logical level)
3.භෞතික මට්ටම (Internal or Pysical level)
දත්ත පාදකයක් නිර්මාණය කිරීමේ ඉහත ආකෘතියේ එක් එක් මට්ටම්වල ක්‍රියාකාරීත්වයන් පහත ආකාරයට දක්විය හැකිය.
1.බාහිර මට්ටම
· දත්තවල බාහිර ස්වභාවය අර්ථ දක්වයි .
· පරිශීලකයා විසින් දත්ත පාදක දකින ආකාරය හා පරිශීලක භාවිතයෙන් මෙමගින් විස්තරකරයි.
· සාම බාහිර මට්ටමකම විභේදනය වනුයේ අභ්‍යන්තර මනොරටාවකට අනුවය.
· මෙම බාහිර මට්ටම මගින් ඕනෑම තොරතුරු පද්ධතියක් ගැටලුවකින් තොරව සම්බන්ධ කිරීමේ හැකියාවක් ඇති දත්ත ව්‍යුහය පිළිබද සැලැස්මකි.
· පරිශීලකයන් සදහාම නිර්මාණය වන මෙම බාහිර මට්ටම හරහා දත්ත හැසිරවීම් කල හැකිය.
2.සංකල්පීය මට්ටම
· දත්ත පාදක දත්තවල තාර්කික ස්වභාවය මෙම මට්ටම තුළ දර්ශනය කරයි.
· සමස්ථ දත්ත පාදකයේ වගු අතර ඇති අන්තර් සම්බන්ධතාව සහ දත්ත පාදකයේ ව්‍යුහය විස්තර කරයි.
· මෙම සංකල්පීය මට්ටම මගින් දත්ත පාදකය තුල දත්ත සත්‍ය වශයෙන් තිබෙන ආකාරය පෙන්වීමට හා අවබෝධ කරගැනීමට ඉඩ සලසයි.
· දත්තපාදකයක් සැලසුම් කිරීමේදී හා දත්ත සමුදාය පරිපාලනයේ දී මෙම සංකල්පීය මට්ටම යොදාගනු ලැබේ.
3. අන්තර් මනෝරටාව.
· දත්ත පාදක වල භෞතික ස්වාභාවය අර්ථ දක්වයි.
· සත්‍යය වශයෙන් දත්ත පාදකයක් තුළ දත්ත ගබඩා කර ඇති ආකාරය විස්තර කරයි.
· සංකල්පීය මට්ටමේ සැලසුම් කළ ආකෘති වලට අනුව භෞතික වශයෙන් දත්ත පාදකය නිර්මාණය කිරීම මෙම මට්ටමේදී සිදුකරයි.
දත්ත ස්වායක්ත තාවය (Data Independence)
ANSI-SPARC ආකෘතියේ එක් එක් ස්ථරයන් අතර වෙනස්කිරීම් සිදුකිරීම සදහා යෝදාගන්නාවූ සංකල්පයක් වන දත්ත ස්වායක්ත තාවය. ප්‍රදාන ආකාර දෙකකට නිරූපානය කරයි.
1.තාර්කික දත්ත ස්වයක්තතාවය.
බාහිර මට්ටම වෙනස් නොකොට සංකල්පීය මට්ටම නිරූපණය වෙනස් කිරීමේ හැකියාව. තාර්කික දත්ත ස්වායක්ත බව ලෙස හැදින්වේ.
උදා :- යම් වස්තු කුලකයක් (entity),ගුණාංගයක් (attribute), සම්බන්ධතාවයක් (rilationship) වෙනස්කල විට එයට අනුරූපව බාහිර මට්ටමේ (පරිශීලක පෙන්වීම්) භාවිත යෙදුම් මෘදුකාංග වල වෙනසක් සිදු කිරීමට අවශ්‍යය නොවීම.
2.භෞතික දත්ත ස්වායකතාවය.
තාර්කික මට්ටමේ නිරුපනය වෙනස් නොකොට භෞතික මට්ටම නිරුපනය වෙනස් කිරීමේ හැකියාව මින් අදහසවේ.
උදා:- වෙනත් ගොණු සංවිධානය සහිත හෝ වෙනත් ආචයන මාධ්‍යයක් තුලට දත්ත පාදය රැගෙන ගියහොත් එය තාර්කික බල නොපානු ඇත.
අනුරූපණය (Mapping)
ANSI-SPARC ආකෘතිය තුළ එක් එක් මට්ටමේ අතර ඉල්ලීම් හා ප්‍රතිඵල සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය අනුරූපණය නම්වේ.
මෙම අනුරුපන ප්‍රධානවශයෙන් කොටස් දෙකකට බෙදේ.
1. බාහිර සංකල්පීය අනුරූපණය (Extenal conceptual mapping)
2. සංකල්පීය භෞතික අනුරූපණය (Conceptual phycical mapping)
1.බාහිර සංකල්පීය අනුරූපණය
බාහිර මට්ටමින් සිදුකරන ඉල්ලීම් වලට අනුව සංකල්පිත මට්ටමින් අදාල ප්‍රතිඵල ලබාදීම බාහිර සංකල්පීය අනුරූපණය නම්වේ.
2.සංකල්පීය භෞතික අනුරූපණය
සංකල්පීය මට්ටමින් සිදුකරන ඉල්ලීම් වලට අනුව භෞතික මට්ටමින් අදාල ප්‍රතිඵල ලබාදීම සංකල්පීය භෞතික අනුරූපණය නම්වේ.
දත්ත පාදක සැලසුම් කිරීම හා ගොඩ නැගීම සදහා දත්ත පාදක සැලසුම් ආකෘති විමර්ශනය.
දත්ත පාදකයක් සැලසුම් කිරීම ප්‍රධාන අධියරන් හතරක් යටතේ සිදුකරනු ලබයි. මෙම එක් එක් අදියරන් තුළ විවිධ වූ උපක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ.
1.අවශ්‍යතා විශ්ලේෂණය (Requrement analysis)
A. දත්ත එක්රැස් කරන ක්‍රම. (Data gathering methods)
a. ලිඛිත ලේකන පරීක්ෂණ (Written document referriner)
b. සම්මුඛ සාකච්චා (Interviews)
c. ප්‍රශ්නාවලි (Quetionnaires)
d. ආයතනික නිරීක්ෂණය (onsite observation)
B. කාර්යය බද්ධ අවශ්‍යයතා හදුනාගැනීම (Functional require)
C. දත්ත අවශ්‍යයතා හදුනාගැනීම (data requirement)
2. සංකල්පීය සැලසුම (Conceptual desing)
ER අනු ආකෘති සැකසීම (ER diagram)
3.තාර්කික සැලසුම (Logicaldesin)
Post a Comment